Saturday, April 20, 2024

General line - 0115112241

දඩය තවත් වැඩිකරන්නැයි සුව ඇමතිගෙන් යෝජනාවක්




මාර්ග නීති කඩ කිරීමේ දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා නීති පද්ධතිය කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි.

විනයවත් රටක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පාසල් බස් රථ රියදුරන් සහ ති‍්‍රරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.