Monday, March 20, 2023

General line - 0115112241

ගුරුවරුන්ට තෑගි දීමට තහනමක් එයි (VIDEO)




ළමයින්ගෙන් මුදල් එකතු කර ගුරුවරුන්ට ත්‍යාග ලබාදීම තහනම් කරමින් නව චක‍්‍රලේඛයක් සම්පාදනය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ලබන සඳුදායින් පසු එම චක‍්‍රලේඛය පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට නිකුත් කරන බවයි.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

කුලියාපිටිය ප‍්‍රදේශයේ පාසලක අද (19) පැවති උත්සවයක දී මෙම අදහස් පල කෙරුණා.

ගුරු වෘත්තිය අනුව සෙසු සියලූ වෘත්තිකයින් බිහි කරන ලොව වටිනාම වෘත්තිය බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේ.

මේ නිසා අවංකව සිය සේවය ඉටු කරන්නැයි සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්ද කෙරුණා.