Friday, March 29, 2024

General line - 0115112241

වන අලි ප‍්‍රවාහනය කරන ලොරි රථ අබලන්වීමෙන් ගැටළුකාරී තත්වයක්




ගම්වදින වල අලි වනෝද්‍යාන වෙත රැගෙන යාමේ දී ගැටළු සහගත තත්වයක් මතු වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

ගම් වදින වන අලි අල්ලා ගත් පසු ඔවුන් ප‍්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ලොරි රථ අබලන් වීම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව කියා සිටියේ.

වන අලි ප‍්‍රවාහන සඳහා දැනට දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ ලොරි රථ දෙකක් පමණක් බව සඳහන්. ඉන් එක් ලොරියක් සම්පූර්ණයෙන් අබලන් වී ඇති අතර අනෙක් ලොරිය ද නිරන්තරයෙන් කාර්මික දෝෂවලට ලක්වන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

නිර්වින්දනය කර අල්ලා ගන්නා අලි ඇතුන් නියමිත කාලයක දී රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගෙන යා යුතුයි.

එසේ නොවුනහොත් අලි ඇතුන්ගේ ජීවිතවලට ද හානි සිදුවිය හැකි බවයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.