Tuesday, April 23, 2024

General line - 0115112241

ඒඩ්ස් වෛරසයට 15-24 අතර තරුණයින් ගොදුරුවීම වැඩිවෙයි




මෙරට තරුණ ප‍්‍රජාව අතර එච්. අයි. වී. ඒඞ්ස් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ කියා සිටියේ වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ පිරිස අතර එය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවයි. ලකාවේ HIV වෛරසය ආසාදනය වී ඇති 95% ගේ වෛරසය ශරීර ගත වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙන් බවයි ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ.

එච්. අයි. වී. පරීක්ෂණ සිදු කරගත හැකි ආකාරය පිළිබඳව ද ප‍්‍රජා වෛද්‍යවරිය පැහැදිලි කළා. එහිදී ඇය සඳහන් කළේ සෑම ජාතික රෝහලකටම සහ මූලික රෝහලකටම අනුබද්ධ ලිංගාශ්‍රිත රෝග සායනවලින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරවා ගත හැකි බවයි.