Tuesday, April 16, 2024

General line - 0115112241

ඇතැමුන් ‘ආවා කල්ලිය’ ගැන ජනතාව තුළ බිය ඇති කරවනවා




උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආවා කල්ලිය පිළිබඳ ජනතාව තුළ අනියත බියක් ඇති කිරීමට ඇතැමුන් කටයුතු කරන බවයි.

උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වහා අවධානය යොමු කළ යුතු බව විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ගාල්ලේ ඊයේ (19) පැවති උත්සවයක දී ප‍්‍රකාශ කළා. නැතහොත් යළි රට තුළ ගැටළුකාරී තත්වයක් ඇතිවිය හැකි බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළ අවස්ථාවේදී හෙතෙම පෙන්වා දුන්නේ ආවා කල්ලිය යනු පාතාල කල්ලියක් බවත් පාතාල කල්ලියකට ජාතික ආරක්ෂාවට තර්ජනයක් කළ නොහැකි බවයි. ඇතැමුන් නැති ප්‍රශ්න ඇති කරන්නට උත්සහ ගන්නා බවත් සඳහන් කළා.