Monday, March 20, 2023

General line - 0115112241

හොර සහතිකවලින් රාජ්‍ය සේවයේ සිටි කත කොටු




ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර වසර 24 ක කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටි කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

බදුල්ල මහේස්ත‍්‍රාත් ආනන්ද මොරගොඩගේ නියෝගයකට අනුව ඇයව ලබන දෙවැනිදා දක්වායි මෙලෙස බන්ධනාගාර ගත කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 59 වැනි වියේ පසුවූ කාන්තාවක්. ඇය තාක්ෂණසේවා කාර්මික නිලධාරිණියක් ලෙස ඌව පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් කාර්යාලයේ සේවය කර තිබෙනවා.

සේවා ස්ථීර කිරීමක් සඳහා සුදුසුකම් පරීක්ෂා කළ අවස්ථාවේ දී ඇය සිදු කළ වංචාව හෙළි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.