Thursday, April 25, 2024

General line - 0115112241

විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කළුබෝවිල රෝහලේදීයී.

ඔහු සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙක් වනවා. 1948 දී උපත ලෑබූ ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවූවා.

කැළණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු සිනමාව , හා ටෙලිනාට්‍ය යන ක්‍ෂේත‍්‍රවල විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශණය කළා.

අහස් ගව්ව , එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත් , ඇර සොයිසා , සරුංගලය , මරුවා සමග වාසේ , සාගරිකා , ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රසික සිත් ඇද බැඳගත් චිත්‍රපට කිහිපයක්.