Friday, March 29, 2024

General line - 0115112241

වවුනියාවේ වකුගඩු රෝග පාලනයට නාවික හමුදාවේ සහාය (PHOTOS)




වවුනියාව දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහාය ලබාදී තිබෙනවා.

නාවික හමුදාවේ ප‍්‍රජාසත්කාරක වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 16 වියදමකින් ඉදිකළ නව ජල පෙරණ යන්ත‍්‍ර ජනතා අයිතියට පත් කිරීම අද (20) සිදු කෙරුණා.

වවුනියාව නගරයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙහි අරමුණයි. ජල පෙරණ යන්ත‍්‍ර මගින් දිනකට ජල ලීටර් පන්දහසකට අධික ප‍්‍රමාණයක් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙම යන්ත‍්‍ර අද ජනතා අයිතියට පත් කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන්.

එම අවස්ථාව පහතින් දැක්වේ

image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004

image-www-nethnews-lk00001

image-www-nethnews-lk00002