Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන බවට මහින්දගෙන් චෝදනා




මාධ්‍ය මර්දනය කිරීම මේ වන විට ආණ්ඩුවේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණද අද වන විට නොමැති දිනයක් නැති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. ආණ්ඩුව, මාධ්‍ය බියවද්දා මෙල්ල කර ගැනීමට උත්සහ දරන්නේ රටේ සිදුවන විවිධ දේ ජනතාවට දැන ගැනීම වැළැක්විමට බවද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ආණ්ඩුවට අවාසිදායක පුවත් මාධ්‍ය හරහා පළ වීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ වුවද ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කිරීමට මැලිවන තැනට රටේ තරුණ තරුණියන් බියවද්දමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.