Friday, March 29, 2024

General line - 0115112241

අයි.එස් අනාවරණය ගැන ඇමති විජේදාස යළි කතා කරයි




අයි.එස් සංවිධානයට සම්බන්ධ ශී‍්‍ර ලාංකිකයින් පිළිබඳ තමා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ ජාතිවාදය ඇවිස්සීමේ අරමුණකින් නොවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවරදී අද මාධ්‍ය අමතමින්.

“ඒ පිළිබඳව කියවෙන්න ඕනේ සියළු දේ මම පාර්ලිමේන්තුවේ මගේ ප්‍රකාශයේදී සිද්ධ කළා. අපි බොහෝම සද්භාවයෙන් මේ තොරතුරු හෙළිදරව් කළේ. මේවා සඟවා තබාගැනීම තුළ ඇතිවෙන්නට ඉඩ තිබෙන භයානක තත්ත්වයන් වළක්වා ගැනීම පිණිස මිස ජාතිවාදය ඇවිස්සීමට නොවෙයි”.

අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව නව නීති ගෙන එන්නේ දැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදි විමසා සිටියා. එම හඬපටය පහතින් අසිය හැකියි.

බුදු දහමට ඇති ප‍්‍රමුඛස්ථානය වෙනස් නොකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.