Friday, September 20, 2024

General line - 0115112241

නිළධාරීන් අල්ලසට යටවූ නිසා පත්වීම් නතර කළා – ඇමති කියයි




බන්ධනාගාර නියාමක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේද යටතේ විධිමත් අයුරින් එය සිදුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සම්මුඛ පරීක්ෂණ සඳහා ද නිසි ක්‍රමවේද අනුගමනය කළ බවයි.

බන්ධනාගාර නියාමක තනතුරට සුදුසුකම් ලැබූ අය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ඊයේ දිනයේ බන්ධනාගාර මූලස්ථානයට පැමිණෙන ලෙස ලිඛිතව දන්වා තිබුණා.

එහෙත් එම ලිපි යැවීමෙන් පසු විෂය භාර අමාත්‍යවරයාට ලැබුණු පැමිණිලි අනුව බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.

මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්ගෙන් නෙත් නිවුස් කළ විමසීමකදි ඔහු පැවසුවේ පත්වීම් ලබාගැනීමට අල්ලස් ලබා දුන් බවට වාර්තා වී ඇති නිසා දෙවන සම්මුඛ පරීක්ෂණය නැවත වරක් පවත්වා එම පත්වීම් ලබාදෙන බවයි.