Friday, September 20, 2024

General line - 0115112241

හිටපු එස්.ටී.එෆ්. අණදෙන නිලධාරියා අත්අඩංගුවට ගැනීම ගැන හෙළ උරුමයේ දැඩි විරෝධය




පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර රක්ෂිත බන්ධනාගාරගත කිරීම අනුමත කළ නොහැකි නොහොබිනා ක්‍රියාවක් බව ජාතික හෙළ උරුමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙන්නේ ඔහු විශේෂ කාර්ය බලකාය තුළ සිටි දක්ෂ නිලධාරියෙකු බවයි.

ජාතික ආරක්ෂාවට අදාළව සහ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙක්.

ත්‍රස්තවාදය පැවති සමයේ නැගෙනහිර පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු අමිල මෙහෙයක් ඉටුකර තිඛෙනවා.

එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් අවභාවිත කිරිම සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම විමතියට කරුණක් බවයි නිශාන්ත වර්ණසිංහ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පුුදුම සහගත බවද එහි වැඩිදුරටත් සඳහන්.