Friday, September 20, 2024

General line - 0115112241

නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උවමනාවක් නෑ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කිසිදු උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට නැතැයි අමාත්‍ය දයා ගමගේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂයේ කිසිවෙකුත් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අරමුණින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ චෝදනා කළා.

ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේ එම සාකච්ඡාවේ තොරතුරු මසක් ඇතුළත හෙළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.