Friday, September 20, 2024

General line - 0115112241

නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්




මෙරට ධීවර ජනතාව වෙනුවෙන් කලයුතු මෙන්ම කළහැකි සියල්ල තමාට බලයක් තිබුණත් නැතත් නොපිරිහෙලා ඉටුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.

ධීවර ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඒවාට විසදුම් ලබාදීමට කටයුතු කරණ බවද , වත්මන් යහපාලන රජය කෙරෙහි වගේම තමා කෙරෙහි නොකිලිටි විශ්වාසයක් තැබූ ජනතා බලාපොරොත්තු අබමල් රේණුවක් තරම්වත් කඩ නොකර කටයුතු කරන බවටද දිලිප් වෙදආරච්චි මෙහිදී සහතික වී තිබෙනවා.

අම්බලන්තොට බටඅත දකුණ කලමැටිය ඉදිකරණ “දියවර සෙවණ” ධීවර නිවාස ගම්මාන පිහිටුවීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා බව කියා සිටියා.

කොරියානු ජාතික ධීවර සමූපකාර සම්මේලනයේ මූල්‍ය ආධාර මත ඉදිකෙරෙන මෙම “දියවර සෙවණ” නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා සිදු කෙරුණා.

ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච් හා කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති KIM IM KWEON සුරතින්.

15240285_1693160074345928_935140024_n

15239166_1693160077679261_1943912744_n