Friday, September 20, 2024

General line - 0115112241

ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවය ගැන කියුබානු ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්




අභාවප‍්‍රාප්ත කියුබානු හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් රටපුරා සැමරුම් උත්සව දැනටමත් ආරම්භ වී තිබෙනවා.

ඔහු අභාවප‍්‍රාප්ත වනවිට 90 වන වියේ පසුවුණා. මෙම අසහාය නායකයාගේ ගුණ සමරා රට පුරා සැමරුම් වැඩසටහන් පැවැත්වීමටයි ඔහුගේ අනුගාමිකයින් තීරණය කර ඇත්තේ.

එමෙන්ම ෆිදෙල් කැස්ත්‍රෝගේ සහෝදරයෙකු වන වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝද ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරනු ඇති බවටයි වාර්තා වන්නේ.

සිය සහෝදරයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවය පිළිබද පළමුව නිල වශයෙන් දැනුම් දුන්නේද ඔහු විසින්. එහිදී ඔහු පැවසුවේ කියුබානු විප්ලවයේ පුරෝගාමියා ජීවිතයට සමුදුන් බවයි.