Friday, September 20, 2024

General line - 0115112241

පුද්ගල ජාවාරමේ යෙදුණු ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් මැලේසියාවේදී අත්අඩංගුවට




පුද්ගල ජාවාරමකට සම්බන්ධ බව කියන ශී‍්‍ර ලාංකිකයින් ඇතුළු පිරිසක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියානු මාධ්‍ය වාර්තා කළේ ජාවාරමේ ප‍්‍රධානියා බවට සැලකෙන 32 හැවිරිදි ශී‍්‍රලාංකිකයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලීසිය විසින් මාස 8 ක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගැණුනා.

එහිදී ඔවුන් භාරයේ සිටි 35 දෙනෙකුද පොලීසිය විසින් සිය භාරයට ගත් බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඒ අතරට ශී‍්‍ර ලාංකිකයින් පස් දෙනෙකුද ඇතුළත්.

ගෘහ සේවයේ හා වෙළද සැල්වල රැකියා ලබාදෙන බව පවසා මැලේසියාවට ගෙන්වාගෙන ඇති ඔවුන් පසුව ලිංගික ජාවාරමේ යොදවාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.