Friday, September 20, 2024

General line - 0115112241

ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට




ඇමතිවරුන් සඳහා වාහන මිළදී ගැනීම ඇතුළු කරුණු කිහිපයකට අනුමැතිය ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කෙරුණා.

එමගින් අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළත් 28 දෙනෙකු සඳහා වාහන මිළදී ගැනීම වෙනුවෙන් ඇනුමැති ඉල්ලා ඇති මුදල රුපියල් හැත්තෑ නව කෝටි පහලොස් ලක්‍ෂයක්.

ඒ අතරට අමාත්‍යවරුන් 7 ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 8 ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12 ක් සහ විපක්‍ෂ නායකවරයාද ඇතුළත්.

එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේ සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලයි.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වන දිනය වූ අද ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැණුනා.