Friday, September 20, 2024

General line - 0115112241

‘එක්කෝ ශ්‍රීලංකා කාරයෙක් නැතිනම් යූ.එන්.පී කාරයෙක්’




නව පක්‍ෂයේ සාමාජිකයින් බලයට පත් කිරීමෙන් කිසිඳු සෙතක් අත් නොවන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී හෙතෙම සඳහන් කළේ “ඉදිරියේ එන්නේ පළාත් පාලන මැතිවරණය. කොට්ඨාශ ක්‍රමයට ගියපුවාම බලයක් නැති අහවලාගේ ගෝලයෝ කියලා පත් කරගෙන වැඩක් තියෙනවාද?. ඉදිරි මැතිවරණයේ ජනතාව දිනවා ගන්න ඕනේ එක්කො ශ්‍රී ලංකා කාරයෙක් නැතිනම් යූ.එන්.පී කාරයෙක්. එහෙම නැත්නම් මේ ජාතික ආණ්ඩුවෙන් ගමට බොරළු කැටයක් දාගන්න ලැබෙන්නෙ නැහැ. හතු පිපෙන්නා වගේ පිපෙන අලුත් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරගෙන මක් කරන්නද?.” යනුවෙනි.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ යළි ගමට බලය ලබාදීම නව පක්‍ෂයේ අරමුණ බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් නව පක්‍ෂයේ සාමාජිකත්වයට එක් කර ගැනීමෙන් අනතුරුවයි.