Friday, December 27, 2024

General line - 0115112241

ආබාධිත දරුවන් සඳහා ඇති බාධා ඉවත් කිරීමට ජනපතිගෙන් ප‍්‍රතිඥා




ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරුණා. ඒ, පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදීයි.

ආබාධිත දරුවන් සඳහා වූ ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීමට මෙන්ම ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරවීමට ද තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා එහි දී කියා සිටියා.

ආබාධ සහිත පුද්ගලයින් එසේ නොවන පුද්ගලයින් යටතේ සිටිය යුතු නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අමාත්‍ය එස්. බී. දිසානායක ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.