Thursday, December 26, 2024

General line - 0115112241

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුට දැල එළයි




කොළඹ බන්ධනාගාර රෝහලේ සිටින වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප‍්‍රභූන් සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

එම සබඳතා මත බන්ධනාගාර ගත වන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට එම වෛද්‍යවරයා විසින් කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර රෝහල, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වනවා. එහෙත් රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදීම සිදු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්.

වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළා.