Wednesday, December 25, 2024

General line - 0115112241

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ඉවත් කළ බව රජය පිළිගනී




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ධුරයට වෙනත් අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වූ ඉල්ලීමක් කැබිනට් මණ්ඩලයට හෙට (06) ඉදිරිපත් කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න පවසනවා.

කෙසේවෙතත් දේශපාලන පක්‍ෂ හා විවිධ සිවිල් සංවිධාන මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ ටෙන්ඩර් ගැටලුවක් මුල්කර ගනිමින් කොමසාරිස් ජනරාල්වරයාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි.

එහෙත් ඉන් පසුව නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාරගෙන් විමසීමක් කළා.

එහිදි ඔහු කියාසිටියේ නිල වශයෙන් ධුරයෙන් ඉවත් කර ඇති බවට මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බැවින් තමා තවදුරටත් එම ධුරයේ සේවය කරමින් සිිටින බවයි.

උද්ගතව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂයභාර අමාත්‍ය එස්.බී නාවින්නගෙන් ඍජුව ප‍්‍රශ්න කළා. අමාත්‍යවරයා පැවසුවේ අදාළ කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යක්ෂමතාව මදි නිසා ඉවත්කළ බවයි. එම සංවාදය පහතින් ඇසිය හැකියි.

දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන ප‍්‍රකාශ කළේ අඩුමිලට ලබාදිය හැකි ටෙන්ඩරයක් දේශපාලන මැදිහත්වීම් මත වැඩි මිලට ලබාදීමේ සූදානමක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබැලීමක් සිදුකළ යුතු බවද ඔවුන් අවධාරණය කළා.