Wednesday, May 8, 2024

General line - 0115112241

ෆිදෙල් කැස්ත්‍රෝගේ අවසන් කැමැත්ත ඉටුකරයි




කියුබාවේ විප්ලවීය නායක අභාවප‍්‍රාප්ත ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ ඊයේ (04) මිහිදන් කළා. ඒ නැගෙනහිර කියුබාවේ සැන්ටියාගේ නගරයේදීයි. ඒ සමගම දින 9ක් පුරා පැවති ජාතික ශෝක කාලයද නිමාවට පත් වුණා.

භෂ්මාවශේෂ භූමිදානය කෙරුණේ ඉතා චාම් උත්සවයකින් පසුවයි. එහිදී කිසිවෙකුටත් දේශන ලබා නොදීමද විශේෂත්වයක්.

මාර්ගය දෙපස රැස්ව සිටි විශාල පිරිසක් සිය අසහාය නායකයාට අවසන් ගෞරව දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ පැවසුවේ සිය සහෝදරයාට ගෞරවයක් ලෙස ෆිදෙල් කැස්ත්‍රෝ නමින් වීදි හෝ පොදු ස්මාරක හෝ නම් කිරීම තහනම් කරන බවයි.

ඒ ෆිදෙල් කැස්ත්‍රෝගේ අවසන් කැමැත්තට අනුවයි. පුද්ගල වන්දනාවට ලක්වීමට සිය සහෝදරයාට කිසිවිටෙකත් අවශ්‍ය නොවූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.