Wednesday, December 25, 2024

General line - 0115112241

ජයලලිතා මිය ගිය බව කියන පුවත රෝහල ප්‍රතික්ෂේප කරයි (UPDATE)




තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මියගිය බවට පළ වන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව ඇය ප‍්‍රතිකාර ලබන රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ජයලලිතා ජයරාම් මියගිය බවට අනාවරණ කළේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතයි.

ඉන්දියන් එක්ප‍්‍රස් වෙබ් අඩවිය ද ජයලලිතා මියගිය බවට තොරතුරු වාර්තා කළා.

කෙසේ වෙතත් එන්.ඞී.ටීවී ප‍්‍රවෘත්ති සේවාව වාර්තා කරන්නේ ජයලලිතා තවමත් ජීවතුන් අතර සිටින බවයි.

ජයලලිතාගේ සුවදුක් සොයා බැලීම සඳහා ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ද රෝහල වෙත පැමිණියා. එම රෝහල් පරිශ‍්‍රය තුළ අද පස්වරුවේ ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ද පැවැත්වූ බවයි එන්.ඩී.ටීවී ප‍්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

ජයලලිතා රෝහල් ගතකළ බව සැලවීමත් සමග ඇයගේ ආධාරකරුවන් දහස් ගණනින් රෝහල වටා එක්වුණා. ඔවුන් හැඬූ කඳුළින් රෝහල් පරිශ‍්‍රය අසල කළහකාරී ලෙස හැසිරුණු අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ කැරලි මර්දන කණ්ඩායම් යොදවා තිබුණා.

මේ අතර ජයලලිතාගේ අසාධ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු හදිසි රෝග තත්ත්වලින් මියගොස් ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා ප‍්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

මේ අතර ජයලලිතා ජයරාම්ගේ A.I.A.D.M.K  පක්ෂයේ විශේෂ රැස්වීමක් ද අද පස්වරුවේ පැවැත් වුණා.

15281803_10211483902159528_2108860579_n


ජයලලිතාට අසාධ්‍යයි – රෝහල වට කරගෙන ආධාරකරුවන් වැළපෙයි

(Dec 5, 2016 @ 16:35)

හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු ප්‍රධාන ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ තත්ත්වය අසාධ්‍ය බව ඇය ප්‍රතිකාර ලබන රෝහල නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරනවා.

ජයලලිතා ජයරාම්ගේ පවුලේ විශේෂඥ වෛද්‍යවරයාද පෙන්වා දෙන්නේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට පිරිහෙමින් ඇති බවයි.

අද අලුයම ඇය වෙනුවෙන් සැත්කමක්ද සිදු කොට ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර ජයලලිතා ජයරාම්ගේ මෙම ප්‍රවෘත්තියත් සමග ඇයගේ ආධාරකරුවන් විශාල පිරිසක් රෝහල ඉදිරිපිටට පැමිණ හඬාවැලපෙමින් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

_92830826_2 _92830828_gettyimages-627755606 2016_12largeimg05_monday_2016_023151102

Supporters of Indian southern state of Tamil Nadu Chief Minister Jayalalithaa hold her photograph as they pray for her health at a temple in Mumbai, India, Monday, Dec. 5, 2016. Thousands of Jayalalitha supporters and well wishers across India prayed for her speedy recovery after she was readmitted to the hospital in Cheanni following a cardiac arrest on Sunday evening. (AP Photo/Rafiq Maqbool)

http-%2f%2fo-aolcdn-com%2fhss%2fstorage%2fmidas%2fdca8f64541c0772d73c6a941cd4c447a%2f204424309%2f612864606