Wednesday, December 25, 2024

General line - 0115112241

ජනපතිට සහ අගමැතිට සිතාසි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මාර්තු මස 20වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය අද (05) සිතාසි නිකුත් කළා.

ඒ කූට ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙනුයි.

ජනාධිපතිවරයාට අමතරව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 13 දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන නියෝග කළේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායකවරයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්සන් යෙදූ ලේඛනයක් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කර ජනවාර්ගික හා ආගමික ගැටුමක් ඇති කිරීමට උත්සාහ කළ බවටයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට චෝදනා එල්ල වි ඇත්තේ.

අදාළ නඩුව අද කැඳවූ අස්ථාවේදී තිස්ස අත්තනායක රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරුණා.