Wednesday, December 25, 2024

General line - 0115112241

‘අපි සාමාන්‍ය මිනිස්සු ඒකයි බය වුණේ’ – අගමැති




පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉකුත් සෙනසුරාදා පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ පොලිසිය කි‍්‍රයාකළ ආකාරයෙන් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුගේ වරප‍්‍රසාද උල්ලංඝනය වූ බවයි. එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම ගැටලුව ජාත්‍යන්තරයට ගෙන යෑම දක්වා වර්ධනය නොකර කතානායකවරයාට මැදිහත් වන ලෙසයි.

කතානායක කරු ජයසූරිය ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමා සොයා බැලීමක් සිදු කළ බවයි. තමන්ද විපක්ෂයේ සිටියදී ඕනෑ තරම් කඳුළු ගෑස් සහ බැටන් පොලු පහරවල්වලට ලක්ව ඇති බවත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර එහිදී ඇති වූයේ තරමක් උනුසුම් සංවාදයක්.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

ඉන් අනතුරුව නැගී සිටි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ සිදුවීම පිළිබඳ අදහස් දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ විරෝධය සඳහා පැමිණි සිටි ප්‍රාදේශිය සභා සභාපතිවරු, නගර සභා සභාපතිවරු නම ගිය චෝදනා එල්ලවූවන් බවයි.

“මෙතන හිටපු උපාසක මහත්තුරු ඔක්කොම උපාසක බලල්ලු..එක්කෙනෙක් කාන්තාවන් සියයක් දූෂණය කරලා තියෙනවා. අනික් එක්කෙනා තංගල්ලෙ ගිහින් දූෂණය කරලා එතන හිටිය සුද්දව මරලා දැම්මා. අපි සාමාන්‍ය පාරේ යන අය. ඉතින් අපි බය වෙන්න ඕනේ. අපේ ආරක්ෂාව ගැන අපි හිතන්න ඕනේ” 

(එම හඬපටය පහතින් දැක්වෙයි)