Wednesday, December 25, 2024

General line - 0115112241

රට හැර ගිය වෛද්‍යවරුන්ට ජනපතිගෙන් ඇරයුමක්




රටේ ජනතාව ගැන සිතා විදේශ රටවල සේවයට යාමෙන් හැකිතාක් වළකින්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ හෙද සේවයේ සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයට අද (05) එක්වෙමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ “පිටරටවල ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු සහ තවත් අය පහළොස්දහසකට වැඩි පිරිසක් සේවය කරනවා. ඒ සියලු දෙනාට මම ආරාධනා කරනවා කෙටි කාලයකට හෝ නැවත මව්රටට ඇවිත් සේවය කරන්න කියලා.” යනුවෙනි.