Thursday, September 19, 2024

General line - 0115112241

විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 700 කින් පහළට




මෙරට විදේශ සංචිත කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තා අනුව නොවැම්බර් මාසයේ මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5358 ක්.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6053 ක් ලෙස පැවතුණා. ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 695කින් පහත වැටී තිබෙනවා.

මෙලෙස සංචිත පහළ යාමට මහ බැංකුව අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්ති හේතු වූ බවයි ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න පවසන්නේ.

විදේශ ණය ගෙවීම සඳහා සංචිත යොදා ගැනීම මෙන්ම මහ බැංකුව මූල්‍ය ප‍්‍රතිපත්ති ලිහිල් කිරීම ඊට හේතු වූ බව ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියා.

කෙසේ වෙතත් මෙම සංචිත පහළයාමේ ප‍්‍රවණතාව තාවකාලික තත්වයක් බවද අසන්ත සිරිමාන්න පැවසුවා.

15388772_10207323927206561_12305935_o