Thursday, September 19, 2024

General line - 0115112241

ඊ – නිවුස් කර්තෘට රතු වරෙන්තු නිකුත් කළ නොහැකි බව ඉන්ටර්පෝල් දන්වයි




ලංකා ඊ – නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ප‍්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගත නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) දැනුම් දුන්නා.

ඊ නිවුස් කර්තෘවරයාට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර නොමැති බැවින් ඔහු අත්අඩංගුවට ගත නොහැකි බවට ජාත්‍යන්තර පොලිසිය දන්වා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් දන්වා සිටියේ.

මෙම නඩුව අපේ‍්‍රල් 7 වනදා යළි කැඳවීමට ගම්පහ වැඩබලන මහේස්ත‍්‍රාත් චන්ද්‍රිකා ජයදේවි අමරසිංහ මෙහිදී නියෝග කළා.

මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුගේ ඡුායාරූපයක් හඳුනා ගැනීමේ පෙරට්ටුව පෙර ඊ නිවුස් වෙබ් අඩවියේ පල කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් කර්තෘ ප‍්‍රදීප් සඳරුවන් සේනාධීරට මෙම රතු වරෙන්තුව නිකුත් කෙරුණා.