Thursday, September 19, 2024

General line - 0115112241

කොළඹ නැවෙන් හමුවූ කොකේන් දකුණු ආසියාවම හොල්ලයි – වටිනාකම කෝටි 1200යි




කොළඹ වරායේදී නැවක තිබී අද සොයා ගැනුණු කොකේන් තොගය දකුණු ආසියාවේ මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිසිය පවසනවා.

ඒ පිළිබද කරුණු දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200ක් වන බවයි.

කොකේන් කිලෝ 800ක් මෙලෙස හමුවී තිබුණා.

අදාළ කොකේන් තොගය ශ්‍රී ලංකාවට ගෙන් වූ එකක් නොව ඉන්දියාවට ගෙන යමින් තිබූ එකක් බවද අනාවරණ කරගෙන තිඛෙනවා.

සැක සහිත කන්ටේනර් ඇණවුම් කරන ලද ඉන්දීය සමාගම සහ අදාළ නැව සමග කටයුතු කළ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සොයාගත් කොකේන් තොගයේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතයි.