Thursday, September 19, 2024

General line - 0115112241

‘දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද නෑනේ‘ – ජනපති වැඩි පඩි ගැන කතා කරයි




සෑම ආයතනයක්ම අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත අවධාරණය කරනවා.

ඒ, සුපිළිපන් පාලනයක් යන තේමාව යටතේ කොළඹ අද පැවැත්වුණු දූෂණ විරෝධී සමුළුවකදීයි.

අල්ලස සහ දූෂණය වළක්වාලීම සඳහා වඩා වැදගත් වන්නේ වරදකරුවන්ට දඬුවම් දීම නොව එවැනි වැරදිවලට පෙලඹීමට හේතුවන කරුණු නිවැරදි කිරීම බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මෙම සමුළුව අතරවාරයේ ප්‍රශ්නෝත්තර වාරයක් ද පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිකළ යුතු ද නැද්ද යන්න එහිදී සාකච්ඡාවට ගැනුණා.එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ කුමන පුද්ගලයින්ද පාරිලිමෙන්තුවට අවශ්‍ය, ඔවුන්ට හරියම් පඩියක් ගෙවන්න සූදානම්ද යන්න පිළිබඳව රට තීරණයක් ගත යුතු බවයි.එමෙන්ම සෑම මන්ත්‍රීවරයෙකුම හොරෙක් නොවන බවද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් සහ ජනාධිපතිවරයා කියා සිටියේ අප රටේ ආර්ථික තත්වයත් සමග මැති ඇමතිවරුන්ට මෙන්ම රාජ්‍ය නිළධාරීන්ට පඩි වැඩිකළ හැකිද යන්න ගැටලුවක් බවයි.

‘‘දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද නෑනේ මට හම්බවෙන්නේ සියලු දීමනා ඔක්කොමත් එක්ක මාසෙකට රුපියල් 95 000යි. එතකොට මම කොහෙත්ම කියැන්නෑ මගේ වැටුප වැඩි කරන්න කියලා මම ඉල්ලන්නෙත් නෑ‘‘ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සමුළුවට සහභාගි වී සිටියා.