Thursday, September 19, 2024

General line - 0115112241

හිරුණිකා ගම්මන්පිල සමග යළි පැටලෙයි




පාර්ලිමේන්තුවේ දී තමන් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ඉකුත් දා ලබාදුන් පිළිතුරකට පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අද (10) ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, කොළොන්නාවේ පිහිටි සිය කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

කිසිවෙකුගේ නම සඳහන් නොකළ චෝදනාවක් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා බලහත්කාරයෙන් ඔහු වෙත පවරාගෙන ඇතැයි ඇය එහිදී කියා සිටියා.

මේ සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අද දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

“මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්මයා ඉතාමත් කලබල වෙලා ප්‍රකාශ වගයක් නිකුත් කරනවා. ඉතිං මම දන්නේ නැහැ එක්කො එහෙනම් එතුමට වෙන්න ඇති ඒ ලෙඩේ තියෙනවා ඇත්තේ. මොකද මම එතුමගේ නමක් කිවුවේ නැහැ. එතුමා මම නමක් ප්‍රකාශ කරපු නැති දෙයකට ප්‍රතිචාර දක්වලා තියෙනවා”.

මේ අතර මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් බන්ධනාගාරයේ දී උපන් දින සාදයක් පවත්වා ඇති බවට පාර්ලිමේන්තුවේ දී කරන ලද ප‍්‍රකාශය ද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අද නැවත අවධාරණය කළා.

නෙත් නිවුස් මීට පෙර කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එවැනි උපන් දින සාදයක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බවයි. එහෙත් එම උපන් දින සාදයේ ඡායාරූප සහ වීඩියෝ ද තමන් සතු බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අද පැවැත් වූ මාධ්‍ය හමුවේ දී කියා සිටියා.