Friday, September 20, 2024

General line - 0115112241

මාධ්‍යවේදියාට පහරදුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි




හම්බන්තොට මාගම්පුර වරායේ පෙරේදා ඇති වූ නොසන්සුන්තාව අතරවාරයේ මාධ්‍යවේදියෙකුට කෙරුණු පහරදීම තරයේ හෙළා දකින බව ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් රොමේෂ් ධනුෂ්ක ද සිල්වා කියා සිටියේ මෙම පහරදීම සිදු කළේ කවුරුන්දැයි වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව හඳුනාගත හැකි බවයි. ඒ අනුව ඔවුන්ට එරෙහිව සුදුසු පරිදි නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවා.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද පවසන්නේ හම්බන්තොට මාගම්පුර වරායේ දී මාධ්‍යවේදියෙකුට කෙරුණු පහරදීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ත‍්‍රස්තවාදීන්ට සලකන අයුරින් මාධ්‍යවේදීන්ට නොසැලකිය යුතු බව ද ඒ නිසා සුදුසු විමර්ශනයකින් පසු මෙම පහරදීම සිදු කළ අය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා. එසේ නොකළහොත් ජාත්‍යන්තරයේ දී ශ‍්‍රී ලංකාවට තවත් කලු පැල්ලමක් ඇතිවන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ කියා සිටියේ මාධ්‍යවේදියෙකුට කෙරුණු මෙම පහරදීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

අදාළ මාධ්‍යවේදියා කටයුතු කර ඇත්තේ ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර හෝ අනුගමනය නොකරමින් බව ද පහරදීමට පාදක වී ඇත්තේ ද එයම බව ද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද එහි දී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ නිවේදනය පහතින් දැක්වේ