Friday, September 20, 2024

General line - 0115112241

සමන් දේව ප‍්‍රතිමාව ශ‍්‍රීපාදයට වැඩමවන පෙරහැර ඇරඹෙයි




2016 – 2017 ශ‍්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම වෙනුවෙන් සධාතුක කරඬුව, සමන් දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ ශ‍්‍රීපාද උඩ මළුවට වැඩම කෙරෙන පෙරහැර අද (12) ආරම්භ කෙරෙනවා.

ඒ, ශ‍්‍රීපාද අවාරයේ දී එම සධාතුක කරඬුව, සමන් දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කර තැබෙන පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයෙන්.

මාර්ග 03 ක් ඔස්සේ පෙරහැර ශ‍්‍රීපාද උඩමළුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

2016 – 2017 ශ‍්‍රීපාද වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පොහොයෙන් ආරම්භ වනවා. එය අවසන් වන්නේ ලබන වසරේ වෙසක් පොහොයෙන්.