Friday, September 20, 2024

General line - 0115112241

බෙහෙත් මිල අඩු කිරීමෙන් රුපියල් බිලියන 06 ක වෙළඳපොල ලාභයක්




අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම නිසා මේ දක්වා රුපියල් බිලියන හයක වෙළඳපොල ලාභයක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීමෙන් මීටත් වඩා ඉතිරියක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

රජයේ නව ඖෂධ ප‍්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීමට සමාගම් 22 ක් ගිවිසුම් අත්සන් කර ඇතැයි ද මෙහිදී සිහිපත් කෙරුණා.

2019 වනවිට රටට අවශ්‍ය ඖෂධ රටේදීම නිෂ්පාදනය කිරීම සිය අපේක්ෂාව වන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අතිරික්ත නිෂ්පාදන විදේශයන්ට අපනයනය කිරීමට ද හැකිවනු ඇතැයි විශ්වාසය පල කෙරුණා.