Friday, September 20, 2024

General line - 0115112241

ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් වන්දනාමාන කිරීමේ තවත් අවස්ථාවක්




බුදු රජාණන් වහන්සේගේ සහ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වැඳපුදාගෙන පිං රැස්කර ගැනීමේ තවත් අවස්ථාවක් අනිද්දා උදා වනවා.

ඒ, කොබ්බෑකඩුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි. එම විහාරයීය කළමනාකාරීත්වය සහ නෙත් එෆ්. එම්. රේඩියෝව එක්ව මෙම පිංකම සංවිධාන කරනවා.

ඊට සහභාගී වී පිං රැස්කර ගන්නා ලෙසයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටිහෙලගල රාජමහා විහාරාධිකාරී, පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සියලු සැදැහැවතුන්ට ආරාධනා කළේ.


අනිද්දා ආරම්භ වන මෙම ධාතු නමස්කාරය ලබන 18 වනදා දක්වා පැවැත්වෙනවා.