Friday, September 20, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවට ගෙන ආ අනුකමිටු යෝජනා ගැන මතය කියන්න – දේශප්‍රේමී පක්ෂවලට අභියෝගයක්




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මගින් පත්කරන ලද අනුකමිටු ඉදිරිපත් කරන ලද වාර්තා තුළින් ජාතිවාදී ඉල්ලීම් ඉටුකිරීම සඳහා වූ යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති බව ජාතික විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ මධ්‍යම රජයේ බලය දුර්වල කරන යෝජනා ගණනාවක් එහි ඇතුළත් බවයි.

මධ්‍යම රජයේ බලය දුර්වල කර ෆෙඩරල් තත්වයක් ඇතිකරන ප‍්‍රධාන යෝජනා 2ක් පිළිබඳව ද වෛද්‍ය චන්න ජයසුමන අදහස් පළ කළා. ඒ සමගාමී ලයිස්තුව ඉවත් කිරීම සහ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජයෙන් ඉවත් කිරීම බවයි.

මෙම කමිටු වාර්තා පිළිබඳ මෙරට දේශපාලන පක්ෂවලට සිය මතය ඉදිරිපත් කරන්නැයි අභියෝග කරන බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.