Friday, September 20, 2024

General line - 0115112241

බුදු හිමිට නිගරු කළ මෘදුකාංගය ගැන නෙත් නිවුස් වෙතින් පැමිණිල්ලක්




බුදුරජාණන් වහන්සේට නිගරු වන ආකාරයෙන් ස්ටිකර් පෙළක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටෙලිග‍්‍රෑම් නමැති ජංගම දුරකථන මෘදුකාංග සමාගම වෙත පැමිණිලි කිරීමට නෙත් නිවුස් ඊයේ (13) කටයුතු කළා. ඒ, අදාළ සමාගම වෙත ඊමේල් හරහා ලිපියක් යොමු කරමින්.

පරිගණක විශේෂඥයින් පවසන්නේ අදාළ ස්ටිකර් පෙළ මෙම මෘදුකාංගයට බාහිර පාර්ශ්වයක් විසින් ඇතුළත් කළ එකක් බවයි. ඒ අනුව අදාළ ස්ටිකර් පෙළ ඉවත් කරන ලෙස නෙත් නිවුස් යොමුකළ ලිපිය මගින් ටෙලිග‍්‍රෑම් මෘදුකාංග සමාගමෙන් ඉල්ලා සිටියා. බුදුහිමියන්ට නිගරු වන ආකාරයේ මෙම ස්ටිකර් පෙළට විරුද්ධ වීම සඳහා ඕනෑම අයෙකුට ද අවස්ථාව පවතිනවා. ඒ සඳහා කළ යුත්තේ [email protected] විද්‍යුත් ලිපිනයට ඒ පිළිබඳ දැනුම් දීමයි.

හැමෝම එකතුවෙමු! බුදු හිමියන්ට අපහාස කරන මේ Stickers අයින් කරමු! නිවැරදි ක්‍ර‍මය මෙන්න!