Friday, September 20, 2024

General line - 0115112241

මුස්ලිම් කොංග්‍රසයට ලේකම්ද? මහ ලේකම්ද? තීරණය අද




ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ස්ථිර මහලේකම් හෝ ලේකම්වරයා තීරණය කිරීම සඳහා එම කොංග‍්‍රසයේ තීරණාත්මක උත්තරීතර මණ්ඩල රැස්වීමක් අද (15) පැවැත්වෙනවා. ඒ, පක්ෂයේ නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන්.

දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් සහ මහලේකම්වරයෙකු ලෙස දෙදෙනෙකු සිටිය නොහැකි බැවින් ස්ථිර ලේකම්වරයා කවුරුන්ද යන්න දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම එම කොංග‍්‍රසයේ නායකත්වයට දන්වා තිබුණා. ඒ අනුව අද එහි උත්තරීතර මණ්ඩලය රැස්වන්නේ ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහායි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය ටී.හසන් අලී කටයුතු කළ අතර ඔහුගේ බලතල අඩු කරමින් නව ලේකම්වරයා ලෙස කාදර් ඒ. මන්සූර් පත්කිරීමට මුස්ලිම් කොංග‍්‍රසය ඉකුත්දා තීරණය කළා.