Friday, September 20, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය සේවකයින් සහ වරාය ඇමති අතර සාකච්ඡාවක්




වැඩවර්ජනයේ නිරත හම්බන්තොට වරාය සේවකයින් පිරිසක් සහ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වෙනවා. මාගම්පුර වරාය සේවක එකමුතුවේ ලේකම් ගයාන් සඳරුවන් පැවසුවේ වරාය අමාත්‍යංශයේදී උදෑසන 10.00ට සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ පැවති උත්සවයකදී සඳහන් කළේ දින කිහිපයක් තුළ වර්ජනය අත්හැර සේවයට නොපැමිණෙන්නේ නම් ඔවුන් වෙනුවට වෙනත් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.