මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (14) ආරම්භ වනවා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ ඩෙංගු මර්දන ඒකකය මගින් සංවිධාන කරන වැඩසටහනට ත්‍රිවිධ හමුදාව, පොලිිසිය, සිවිල් ආරක්ෂක බළකාය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක්වනවා.
ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද මේ යටතේ කි‍්‍රයාත්මකයි. මෙම වැඩසටහනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2100ක් පමණ සහභාගි වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.