Monday, December 23, 2024

General line - 0115112241

වරාය ඇමති දැඩි තීරණයක් ගනී




වර්ජනයේ නිරත හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින්ට හෙට (15) පස්වරු  2.00 ට පෙර සේවයට වාර්තා කරන ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග දැනුම් දී තිබෙනවා.

හෙට පස්වරු 2.00 ට පෙර සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

වර්ජනයේ නිරත සේවකයින් සමග අද (14) වරාය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබෙනවා.