Monday, December 23, 2024

General line - 0115112241

මැලේසියාවේ වෙසෙන පිරිසකගේ සැළසුමක් හෙළි වෙයි




ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මැලේසියාවේ සංචාරයක නිරත වන හෙට (15) දිනයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීමට එරට ඇතැම් පිරිස් සැලසුම් කරමින් සිිටින බව වාර්තා වෙනවා. එල්.ටී.ටී.ඊ හිතවාදී දමිළ ඩයස්පොරාවේ ඇතැම් පිරිසක් මේ සඳහා සූදානම්ව ඇති බවටයි එම තොරතුරු වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරයාගේ සංචාරය ආවරණ කිරීමට මැලේසියාවට ගොස් සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ ඒ සම්බන්ධයෙන් එරට ශී‍්‍ර ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහිම් අන්සාර්ගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව මැලේසියාවේ ආරක්ෂක අංශ වෙත දැනුවත් කිරීම් සිදු කර ඇති බවයි. ඒ අනුව යම් සිද්ධියක් ඇති වුවහොත් එය පාලනය කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවත් පෙන්වා දුන්නා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැලේසියාවට ළගාවීමට නියමිතව තිබෙන්නේ හෙට දහවල් 1.45 ට පමණයි. ශී‍්‍ර ලංකා සහ මැලේසියා ඒකාබද්ධ ව්‍යාපාරික සමුළුවකට ජනාධිපතිවරයා හෙට රාතී‍්‍රයේදී සහභාගි වනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මෙම මැලේසියානු සංචාරය සිදු කෙරෙන්නේ දෙරට අතර රාජතාන්ති‍්‍රක සබදතාවලට වසර 60 ක් පිරීමද නිමිති කර ගනිමින්.