Monday, December 23, 2024

General line - 0115112241

වර්ධා නිසා ලංකාවට අයත් අහසේ ගුවන් යානා වැඩි වෙලා




ඉන්දියාවේ චෙන්නායි නුවරට බලපෑ වර්ධා සුළිකුණාටුව හේතුවෙන් ඊයේ (13) සහ පෙරේදා (12) ශී‍්‍ර ලංකාවට අයත් ගුවන් කලාපය හරහා ගමන් කළ ගුවන් යානා ගණන කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා.

ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් රජිත සෙනෙවිරත්න පැවසුවේ පෙරේදා දිනයේදී පමණක් ශී‍්‍ර ලංකාවේ ගොඩබෑමකින් තොරව ශී‍්‍ර ලංකාවට අයත් ගුවන් කලාපය හරහා ගමන් කළ ගුවන් යානා ගණන 182 ක් වන බවයි.

එය එක් දිනකදී ශී‍්‍ර ලංකාවට අයත් ගුවන් කලාපය හරහා ගමන් කළ එවැනි වැඩිම ගුවන් යානා ගණන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ නිසා ශී‍්‍ර ලංකාවේ ගුවන් කලාපය භාවිතා කිරීමෙන් ලැබෙන ආදායමද වැඩි වූ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. සාමාන්‍ය දිනකදී ශී‍්‍ර ලංකාවේ ගොඩබෑමකින් තොරව ශී‍්‍ර ලංකාවට අයත් ගුවන් කලාපය හරහා ගමන් කරන ගුවන් යානා ගණන 80 ත් 90 ත් අතර වනවා.