මැලේසියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා අද (15) ශී්ර ලංකාවෙන් පිටත්ව යනවා.
මෙම සංචාරය ශී්ර ලංකාවට ඉතා වැදගත් එකක් බවයි මැලේසියාවේ ශී්ර ලංකා මහකොමසාරිස් ඊබ්රහිම් අන්සාර් කියාසිටියේ.
ජනාධිපතිවරයාගේ සංචාරය ආවරණය කිරීම සඳහා මැලේසියාවට ගොස් සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සමග අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවා. දෙරට අතර රාජතාන්ති්රක සබදතා අරඹා වසර 60 ක් පිරීමද නිමිති කර ගනිමින් මෙම සංචාරය සිදු කෙරෙන බවයි එහිදී වැඩිදුරටත් ප්රකාශ කෙරුණේ.
ශ්රී ලංකාවේ ජනාධිපතිවරයෙකු මෙලෙස මැලේසියාවට පැමිණෙන්නේ වසර 19 කට පසුව බවත් මෙහිදී අනාවරණය කෙරුණා. 1997 වසරේ දී හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය මෙලෙස මැලේසියාවේ නිල සංචාරයක යෙදී තිබුණා.
ජනාධිපති මෛතී්රපාල සිිරිසේන මහතා අද දහවල් 1.45 ට පමණ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොලෙන් මැලේසියාවට ළගාවීමට නියමිතව තිබෙනවා.