Friday, September 20, 2024

General line - 0115112241

පොලිසියේ 200 ක බලඇණියක් ඔබේසේකරපුර වටලයි




ඔබේසේකරපුර, අරුණෝදය මාවත, වැලිකඩ, මාදින්නාගොඩ, රාජගිරිය, ඇතුලු ප්‍රදේශ රැසක අද (15) උදෑසන 5.30 සිට පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම මෙහෙයුමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 200 ක් පමණ එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගේ ඉල්ලීම පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි තව දුරටත් වාර්තා වෙන්නේ.