Sunday, December 22, 2024

General line - 0115112241

සා/පෙළ අස්සේ සිදුවෙන අක්‍රමිකතාවක් ගැන කියයි




සාමාන්‍ය පෙළ විභාගයේ, විභාග රාජකාරී සඳහා සේවකයන් යෙදවීමේදී මෙවරත් අක‍්‍රමිකතා සිදුවන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න කියාසිටියේ සේවකයන් සැබෑ ලෙස යොදා නොගෙන ව්‍යාජ නම් යොදා ශාලාධිපතිවරුන් විසින් අදාළ ගෙවීම් ලබාගැනීමෙන් මෙම අක‍්‍රමිකතාව සිදුවන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ විභාග රාජකාරී සඳහා යොදා ගැනෙන ශාලා සේවකයෙකුට දිනකට කරන ගෙවීම රුපියල් 600 ක්. විභාගය දින 10 ක් පැවැත්වෙන බැවින් එම කාලය සදහා ශාලා සේවකයෙකුට ලැබෙන මුළු ගෙවීම රුපියල් හයදහසක් වනවා.