හම්බන්තොට වරායේ වර්ජනයේ නිරත වූ පිරිස රඳවාගෙන සිටි නෞකා දෙක මුදාගැනීමට නාවික හමුදාව යෙදවූයේ ජනාධිපතිවරයා සහ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාපතිවරයා අතර අරලියගහ මන්දිරයේ අද පැවති හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැතිවරයා එහිදී සඳහන් කළා.
මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවයි එහිදී සඳහන් වුණේ.
අගමැති- නාවික හමුදාපති හමුවේ
Dec 15, 2016 @ 14:22
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදී.
හම්බන්තොට වරායේ ඇතිවූ සිද්ධිය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි.