Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ජනපතිට එරෙහි විරෝධයට පැමිණියේ දහසය දෙනයි(PHOTOS)




ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයට විරෝධය පළ කරමින් කුඩා කණ්ඩායමක් අද විරෝධතාවක නිරත වුණා.

ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින ක්වාලාලාම්පූර් හි හෝටලය ආසන්නයේ පැවති මෙම විරෝධතාවට පුද්ගලයින් 16 දෙනෙකු පමණක් එක්ව තිඛෙනවා.

සංචාරයට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ඩයස්පෝරාවේ කුඩා කණ්ඩායමක් මේ සඳහා එක්ව ඇති බවයි.
මේ අතර එම විරෝධතාව ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී නෙත් එෆ්.එම්. මාධ්‍යවේදී හේමන්ත කහවලගේට සහ ඩේලි මිරර් මාධ්‍යවේදී සඳුන් ජයසේකරට විරෝධතාකරුවන් බාධා කර තිඛෙනවා.

ඒ, විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගත් අවස්ථාවේදීයි. මැලේසියානු පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කෙරුණා.

15571254_10154731113217092_126180145_n 15571271_10154731113052092_1427323473_n aaaa unnamed-8 unnamed-9 unnamed-10