Friday, September 20, 2024

General line - 0115112241

වැලිකඩින් 36ක් අත්අඩංගුවට




වැලිකඩ පොලිස් වසමේ අද උදෑසන 5.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුළ පොලිසිය සිදුකළ හදිසි වැටලීම්වලදී සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් හා විශේෂ රාජකාරී නිලධාරීන් ඇතුළු කණ්ඩායම් 4ක් මෙම වැටලීම්වලට එක්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

බණ්ඩාරනායකපුර , ඔබේසේකරපුර, අරුණෝදය මාවත, මාදින්නාගොඩ සහ මාලිගාව පාර යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකෙරුණා.

හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 5ක්, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 5ක්, වරෙන්තුකරුවන් 3ක් සහ සැකපිට තවත් 23 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සැකකරුවන් වැලිකඩ හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.