Friday, September 20, 2024

General line - 0115112241

මැලේසියාවේ දී ව්‍යාපාරික සමුළුවක්




ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සහභාගි වූ ව්‍යාපාරික සමුළුවක් අද පස්වරුවේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි වසර 3 ශ්‍රී ලංකාවේ සංවර්ධන වර්ෂ ලෙස නම් කර ඇති බවයි.

නොබියව ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදුකරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බවත් ජනාධිපතිවරයා මැලේසියානු ව්‍යාපාරිකයින් හමුවේ කියා සිටියා.

දෙරටේ ආයෝජන මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩල සහ මහකොමසාරිස් කාර්යාල එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබුණා.

ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ පැවසුවේ.

දෙරටේ ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් පුළුල් කරගැනීම සහ නව ප්‍රවේශයන් ඇතිකර ගැනීම පිළිබ`ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා.

unnamed-11 unnamed-12 unnamed-13